ලෙඩක් නැතුව නාන කාමරය හදන්නේ මෙහෙමයි
සිළුමිණ සිත්මල් යාය
ඕනෑම කෙනෙකුගේ සනීපාරක්ෂාව සඳහා නාන කාමරය සහ වැසිකිළිය අත්‍යවශ්‍ය වෙයි. එසේම ඕනෑම නිවෙසක ඒ වෙනුවෙන් මුල් තැනක් දීම සිරිතකි. ඇතැමුන් විශාල වියදමක් දරමින් තම නිවෙසේ සුපිරිම අංගය වන ලෙස එය ඉදි කරනු දක්නට ලැබෙයි. එහෙත් නාන කාමරය සහ වැසිකිළි යනාදිය පමණක් නොව ඒවායේ අපජලය තැන්පත්වන වළ පවා ස්ථානගත කිරීම සහ ඉදිකිරීම කළ යුත්තේ කිසියම් ප්‍රමිතියක් අනුවයි. ඒ එසේ නොකළොත් එම නාන කාමරය සහ අපජලය රැඳෙන වළ ගෙදරට බලවත් කරදරයක් වනු නිසැකය.
නාන කාමරය - වැසිකිළිය සහ අපජලය රැඳෙන වළ ඉදිකළ යුතු ආකාරය
A. දිසාව
1. නාන කාමරය - වැසිකිළිය සහ අපජලය තැන්පත් වළ යනාදිය ඉදිකිරීම සඳහා ඉතා යෝග්‍ය වන්නේ ඉඩමේ හෝ නිවෙසේ නිරිත දිසාවයි.
2. ඒ සඳහා නිරිත දිසාව භාවිතා කිරීමට නොහැකිම තත්ත්වයක් පවතින්නේ නම් පමණක් පිළිවෙළින් වයඹ - බස්නාහිර - දකුණ - යන දිසාවන් යොදාගත හැකිය.
3. කුමන තත්ත්වයක් යටතේදීවත් නාන කාමරය - වැසිකිළිය සහ අපජලය තැන්පත් වළ යනාදිය ඉදිකිරීම සඳහා ඊශාන දිසාව යොදා නොගත යුතුය. ( එය ඉතා බිහිසුණු වාස්තු දෝෂයකි )
4. උතුර - නැගෙනහිර සහ ගිනිකොණ යන දිසාවන් ද පිළිවෙළින් . නාන කාමරය - වැසිකිළිය සහ අපජලය තැන්පත් වළ යනාදිය සඳහා අයෝග්‍ය වෙයි.

B. දිග පළල ප්‍රමාණය සහ මුහුණත
1.නාන කාමරයේ දිග සහ පළල සමාන වන ලෙස හෝ සම චතුරාශ්‍රකාරව හෝ ප්‍රමාණය හරි හතරැස්වන ලෙස හෝ නොගත යුතුය.
2. නාන කාමරයේ දිග සහ පළල සමාන නොවන ලෙස එය ඍජු කෝණාස්‍රව ඉදිකිරීම ප්‍රශස්තය. එහෙත් එහි පැත්තක් වත් ඉතා පටු නොවිය යුතුය.
3. නාන කාමරය ඉතා විශාල වීම හෝ ඉතා පටුවීම යන දෙකම අයෝග්‍ය වෙයි. නිවෙසේ කුඩාම නිදන කාමරයට වඩා නාන කාමරය කුඩා වීම උචිතය.
4. නාන කාමරයේ දොරට මුහුණලා කොමෝඩය හෝ ෂවරය හෝ නොතිබිය යුතුය.
5. නාන කාමරයේ මධ්‍යයේ සිට නිරිත දෙසට කොමෝඩය ද උතුර - ඊශාන සහ ගිනිකොණ අත්හැර අන් දිසාවන්හි ෂවරය - සින්ක් - බාත්ටබ් යනාදිය ස්ථානගත කිරීම යහපත් ය.
6. හිරු එළිය සහ වාතාශ්‍රය සඳහා අඩි 2 x 2 ට නො අඩු ජනේල කවුළුවක් සහ කුඩා වා කවුළුවක් නාන කාමරයට අත්‍යවශ්‍ය වෙයි.

C. ටයිල් සහ වර්ණාලේපය
1. තද අඳුරු පැහැති ටයිල් - නාන කාමර උපාංග හෝ වර්ණාලේපය නාන කාමරයට නොහොබි.
2. සුදු හෝ ලා පැහැයට සමීප වර්ණ තෝරා ගැනීම ප්‍රශස්තයි. ( ලා නිල් ලා කොළ රෝස ලා දුඹුරු යනාදී වශයෙනි.)
3. උපරිම වර්ණ තුනකට වඩා විසිතුරු වර්ණාලේපය හෝ නොයෙක් පැහැයෙන් යුත් නාන කාමර උපාංග නොහොබී.

D. භාවිතය සහ නඩත්තුව
1. නාන කාමරයේ ගෙබිම නිතරම පිරිසිදුව සහ වියළිව පැවතීම අත්‍යවශ්‍ය වෙයි.
2. නාන කාමරයේ ජල උපාංගවලින් නිකරුණේ ජල බිංදු වෑහෙන්නට හෝ ජල කාන්දුවකට හෝ කිසිදු ඉඩක් නොතබන්න.
3. අත්‍යවශ්‍ය නොවන කිසිදු දෙයක් නාන කාමරයේ නොතබන්න.
4. තෙත රෙදි හෝ කිළිටි රෙදි හෝ නාන කාමරයේ නොතබන්න.
5.හිරු එළිය සහ වාතාශ්‍රය සඳහා වා කවුළු විවෘතව තබන්න.
6. අඩුම තරමින් දිනකට දෙවරක්වත් නාන කාමරය පිරිසිදු කළ යුතුය.

මේ ලෙස ඔබේ නාන කාමරය පවත්වා ගතහොත් එයින් ඔබගේ සනීපාරක්ෂාව මෙන්ම ධනය ද කායික මානසික ප්‍රබෝධය ද සුරක්ෂිත වෙයි. නාන කාමරය අයෝග්‍ය ලෙස පිහිටා ඇත්නම් එය බිහිසුණු කරදර මවන හූනියමක් වනු නිසැකයි.

1. කඩෙන් කෑම සහ විවිධ කඩචෝරු කෑම නතර කිරීම.

අද වර්තමානයේ පවුල් වල වියදමෙන් විශාල කොටසක් වැය වෙන්නේ පිටින් ආහාර ගැනීම වෙනුවෙන්. සෞක්‍ය ආරක්ෂිතව ගෙදර හදන ආහාර ගැනීම කියන හොඳ පුරුද්ද ඉවතට ගිහින් නොයෙක් නම් ඇති ස්ථාන වලින් ඉහල මිලකට අහිතකර ආහාර ගැනීම දැන් විලාසිතාවක් වෙලා. එම ස්ථාන වලට ගිහින් ආහාර අරගෙන සෙල්ෆියක් ගහල FB දමන එක ඔබ හිතන විදිහට තමන්ගේ තත්වය පෙන්වන විලාසිතාවක් උනත් සාක්කුවට නම් එතරම් සුබ දෙයක් නෙවෙයි.

නිවසේ සියලු දෙනාම වැඩට යද්දී ආහාර පිසීම අමාරු වෙන්න පුළුවන්. එවිට පවුලේ සියලු දෙනාම එකතු වෙලා නියමිත පිළිවෙලක් යොදන්න පුළුවන්. මම දන්නා එක පවුලක කෑම පිසින්නේ සතියකට එක වරයි. ආහාර ඔක්කොම පෙට්ටිවල සෞක්‍යරක්ෂිතව අසුරලා , අධි ශීතකරණයේ දමල කමන වෙලාවට රත් කරගෙන කනවා. Microwave වගේ තාක්ෂණයක් තිබෙද්දී ආහාර රත් කර ගැනීම කියන්නේ ඉතාම සරල දෙයක් වෙලා. දියුණු රටවල නම් කොහොමත් දිනපතා උයන්න කාලය මිඩංගු කරන එක අපරාධයක් ලෙස තමයි ඔවුන් සලකන්නේ. නමුත් පොල් කිරි පාවිච්චි කරන අපේ වගේ රටකට මෙහෙම කරන්න පුළුවන්. සතියකට වරක් මස් මාළු උයල අධි ශීතකරණයේ දමල, එළවලු සතියකට වරක් සියලු සාමාජිකයෝ එකතු වෙලා කපල සූදානම් කරලා, උදේට බත් එකක් රයිස් කුකර් ඒකට ගහල සූදානම් කර ගැනීම එතරම් කල් වෙලා යන වැඩක් නෙවෙයි.

ඔබට දරුවෝ සිටිනවා නම් හැම විටම භාජන සේදීම , ඉවුම් පිහුම් වැනි වැඩ වලට ඔවුන් සම්බන්ධ කර ගන්න. ඒ වගේම පවුලේ සාමාජිකයෝ එකතු වෙලා උයනවා කියන්නේ ඔබලාගේ දුරස්ථ භාවය අඩු කරවන්නත් පවුලේ සමගිය වැඩි කරවන්නත් හේතුවක්.
2. අනවශ්‍ය දේවල් මිලට ගැනීම නවතා දැමීම

95492667සතියේ බඩු මිලදී ගැනීමට යද්දී ඔබේ කරත්තෙට අනවශ්‍ය දේවලුත් එකතු වෙනවා නේද? සුපිරි වෙළඳසැල් එවුවගේ බඩු තියල තියෙන්නේ ඔබව ආකර්ෂණය වෙන විලාසයකින්. මොකද ඔබ වැඩියෙන් බඩු ගනිද්දී ඔවුන්ට ලාභයි. මේක වලක්වන්න ඔබ අනිවාර්යයෙන්ම ගෙදරින් යද්දී පොතක මිලදී ගැනීමට අවශ්‍ය දේවල් පිලිවෙලින් ලියා ගන්න. පෑනක් අරගෙන ගන්න බඩු වලට සලකුණක් දමා ගන්න පුළුවන්. එවිට අනවශ්‍ය දේවල් මිලදී ගැනීමේ වුවමනාව ඔබේන් දුරු වෙනවා. මෙවැනි යහපත් පුරුද්දක් ඔබේ අනවශ්‍ය වියදම් කපා හරින්න ලොකු පිටිවහලක් වෙනවා.
3. ලාභ තැනින් බඩු ගැනීම
හැම දෙයක්ම සුපිරි වෙළඳ සැලින්ගැනීම කාර්ය බහුල අපට පහසුවක්. නමුත් ඔබ දන්නවද එළවලු, මස් මාංශ, පලතුරු ගබඩා කිරීම හා කල් තබාගැනීම නිසා ඉහල මිලකින් යුතු බව. අඩුම තරමේ මේ දේවල් ටික ගන්න විතරක් පොලට , පාරේ පොඩි එළවලු කඩේට, පලතුරු කඩේට, මාළු ලෑල්ලට ගියොත් කොතරම් මුදලක් ඉතිරි වෙනවද යන්න ඔබට පෙනේවි.
4. විශාල ලයිට් , වතුර, ටෙලිෆෝන් බිල් අඩු කර ගැනීම

girl-looking-at-high-electricity-billබිල් කියන්නේ සාක්කුවට නොදැනීම අපේ මුදල් හොරෙන් ගන්න හොරෙක්. ටිකක් පරිස්සමෙන් මේ සීමිත සම්පත් පාවිච්චි කිරීම කියන්නේ විශාල මුදල් ඉතුරුවක්. සතියෙම රෙදි එකවර සේදීම, කාර්යක්ෂම නවීන විදුලි උපාංග මිලට ගැනීම, අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම සහ චාජර් වැනි දේවල් පාවිච්චියෙන් පසු විසන්ධි කිරීමෙන් විදුලි බිල අවම කර ගන්න ඔබට පුළුවන්.

දුරකථනය පාවිච්චියේදී පණිවිඩ සඳහා පමණක් යොදාගෙන Viber, වට්ස් අප් වැනි, ස්කයිප් මගින් දීර්ඝ ඇමතුම් ලබා ගැනීමත් ඔබේ දුරකථන බිල අඩු කරන්න ලොකු උදවුවක් වෙනවා.
5. ක්‍රෙඩිට් කාඩ් වගකීමෙන් භාවිතා කිරීම

මම නම් ක්‍රෙඩිට් කාඩ් එක තියාගෙන ඉන්නේ හදිස්සියකට ගන්න විතරමයි. ක්‍රෙඩිට් කාඩ් මගින් වියදම් කරහම නොදනුමත්වම පොලියක් එකතු වෙනවා. එය ඉතාම විශාල මුදලක්. ඔබට නොදනුමත්වම ඔබේ මුදල් විශාල ලෙස අපතේ යන අවස්ථාවක් තමයි පාලනයකින් තොරව ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කිරීම කියන්නේ.
6. යාලු මිත්‍ර , නෑදෑයන්ට උදවු කිරීම අවම කිරීම

ඔබේ මුදල් ඇතැම් විට මිතුරන්ට , නෑදෑයන්ට දීම සිදු වෙනවා. කාලයක් ඔබ ඔබේ අවශ්‍යතා කැප කරගෙන ඔවුනට උදවු කරහම එය පුරුද්දක් බවට පත් වෙනවා. එම නිසා නැවත නොගෙවන කෙනෙකුට අමාරුවෙන් උපයන මුදල් වියදම් කරද්දී දෙපාරක් හිතන්න.

දක්ෂිණ අධිවේගයේ ගැලනිගමින් හෙළිවන අතීත රහස්
‘ගැලනිගම’ යන නම මෑතක සිට අතිශය ප්‍රසිද්ධියට පත් ව ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ හුවමාරු ස්ථානයක් මුල් කර ගනිමිනි. එහෙත් ගැලනිගම මුල් කොටගත් විශිෂ්ට ඵෙතිහාසික සහ පුරා විද්‍යාත්මක උරුමයක් ඒ ආසන්නයේම ඇති බව ඔබ දන්නවාද?
දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගොස් ‘ගැලනිගම’ හුවමාරුවෙන් පිටතට පැමිණි විට අවතීර්ණ වන්නේ පානදුර - රත්නපුර මහාමාර්ග‍යටයි. එතැන සිට පානදුර නගරයට ඇත්තේ කිලෝමීටර් හතකි. එදවස ‘රයිගම’ පුරය වූයේ මෙම ‘ගැලනිගම’ මංසන්ධිය අවට ප්‍රදේශයයි. ‘නිකාය සංග්‍රහය’ට අනුව එය එදවස ‘රාජග්‍රාම’ (රජුගේ ගම) ලෙසද හැඳින්විණි. ගැලනිගම මංසන්ධියෙන් රත්නපුර දෙසට මඳක් ගොස් අතුරු මාර්ගයක් ඔස්සේ හැරුණුවිට පතහවත්තේ ‘පුෂ්කරාරාමය’ හමුවේ.
මෑතදී තැනූ මෙම ‘පුෂ්කරාරාම’ විහාර භූමියෙහි අද දවස ද ඉපැරණි රජ මාලිගාවක නටබුන් තිබේ. මෙම රජ මාලිගාවේ නටබුන් පිළිබඳව ඇති පුරාවිද්‍යා සටහනෙහි සඳහන් වන්නේ එය ‘රයිගම් බණ්ඩාර’ රජු වාසය කළ රජ මාලිගාව බවය.
එසේ නමුත් ‘රයිගම’ පුරයෙහි මෙම ස්ථානයෙහි ප්‍රභූ රාජයන් රැසක් වාසය කළ බව අප්‍රකට කරුණකි. ‘රයිගම’ රාජධානිය කොට විසූ ප්‍රභූ රාජයන් අයිතිවන්නේ ‘අලගක්කෝනාර’ පරපුරටය. දැනට පතහවත්ත ‘පුෂ්කරාරාම’ භූමියේ ඉතිරිව ඇති රජ මාලිගාවේ ප්‍රාකාරය අඩි නවයක් පළලින් යුක්තය. එය අක්කර හතරක ඉඩමක් වටා විහිදී ඇත. මෙම ස්ථානයෙහි දැනටත් ඉපැරණි මුරගල්, කැසිකිලි ගල්, කළුගලෙන් තනන ලද වැහි පීළි සහ වෙනත් නටබුන් සමූහයක් දක්නට ඇත.
‘රයිගම’ නගරය වැදගත් වූයේ එම නගරය මගින් පාලනය කෙරුණු විදේශීය වෙළෙඳාම නිසාය. රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමත් සමඟ නිරිතදිගට සංක්‍රමණය වූ සිංහල ජන ප්‍රධානීන්ගේ ප්‍රධානතම ආදායම් මාර්ගය බවට පත්වූයේ විදේශ රටවල් සමඟ කරන ලද වෙළෙඳාම යි. ලංකාවෙන් අපනයනය කරන ලද ද්‍රව්‍යයන් අතර ප්‍රධාන ස්ථානයක් ගත්තේ මුතු, මැණික්, ඇත් දත්, කුළුබඩු ආදියයි. ‘රයිගම’ නගරය පිහිටා ඇති ස්ථානය හරහා විහිදෙන පානදුර - රත්නපුර මාර්ගය ඔස්සේ ‘රයිගම’ නගරය හරහා නිරිතදිග වෙරළෙහි තිබූ පානදුර, බේරුවල වැනි වරාය හා ‘සබරගමුව’ සම්බන්ධ කෙරින. මෙම තොටුපොළවල් හා වරායයන් පාලනය කළ රජවරු එම හේතුව නිසා ද ධනවත් වූහ. ඔවුහු එම නගරයන් අවට වෙහෙර විහාරද කරවූහ.
‘රයිගම’ නගරය අසල තිබූ ප්‍රධානතම විහාරය ‘වීදාගම සිරි ඝනානන්‍ද පිරිවෙන’ ය. මෙම ‘වීදාගම ශ්‍රී ඝනානන්‍ද පිරිවෙන’ මූලික කොට වාසය කළේ වීදාගම සංඝ පරම්පරාව යි. වීදාගම සංඝ පරම්පරාවේ සුප්‍රසිද්ධම භික්ෂූන් වහන්සේ ලෝවැඩ සඟරාව, බුදුගුණාලංකාරය රචනා කළ ‘වීදාගම මහා මෛත්‍රීය’ ස්වාමින් වහන්සේ ය.
එසේ නමුත් කුරුණෑගල යුගයේ සිට පැවතෙන ඉතිහාසයක් ‘වීදාගම සිරි ඝනානන්‍ද පිරිවෙන’ ට ඇත. ක්‍රි.ව 1302 දී කුරුණෑගල රජ බවට පත්වූ ‘සතරවෙනි පරාක්‍රමබාහු’ රජු ‘රත්ගම්පුර’ (රයිගම) සමීපයෙහි ‘විද්දුම ගාම’ යේ (වීදාගම) ශ්‍රී ඝනානන්ද නමින් පිරිවෙනක් හා වෙහෙරක් කරවා, තම ආචාර්ය වූ සොලී රටින් වැඩි මහතෙරුන්ට පූජා කළ බව මහාවංශයෙහි සඳහන් වේ. අතීතයේ අප රටට එල්ල වූ සොලී ආක්‍රමණ සඳහා ඉතිහාසයේ ලැබී ඇති තැන මෙවන් ශාසනික සබඳතා වෙනුවෙන් ලැබී නොමැති වීම කණගාටු දායකය.
මෙම පිරිවෙනින් මහ නා හිමිවරුන් රැසක් බිහි වූ අතර, ක්‍රි.ව 1405 දී මෙහි ආධිපත්‍යය දරන්නට ඇත්තේ ‘මහා මෛත්‍රී හිමි’ ගේ ගුරුදේවයාණන් වූ ‘වීදාගම නා හිමි’ ය.
ඔබත් ඉතිහාසය පිළිබඳව උනන්දුවන්නෙකු නම් පානදුර - රත්නපුර මාර්ගය ට මුහුණලා ‘ගැලනිගම’ මන්සංදිය අසල දී මෙම ‘වීදාගම සිරි ඝනානන්‍ද පිරිවෙන’ නැරඹිය හැක. ‘රයිගම’ රජමාලිගාවේ සිට ‘වීදාගම’ පිරිවෙනට ඇත්තේ කිලෝමීටර් තුනක් පමණි. පෘතුගීසි පාලන යුගයේ දී ඔවුන් විසින් මෙම පිරිවෙන මුළුමනින්ම විනාශ කරන ලදී. නමුත් දැනට ඇති නව පිරිවෙන් භූමියෙහි ඉපැරණි පිරිවෙනෙහි නටබුන් අදටත් දැකගත හැකි ය.
මෙම වීදාගම පිරිවෙන ‘රයිගම’ නගරයේ ප්‍රධානතම භික්ෂු මධ්‍යස්ථානයකි. රාජ්‍ය පාලනය හැසිරවීමට තරම් බලයක් මෙම පිරිවෙනට තිබෙන්නට ඇත. මේ අයුරින් ප්‍රතිරාජයකුත්, යුවරජකුත්, බිහි කළ හා විශාල නිවෙස්, මංමාවත් සහ වෙහෙර විහාරවලින් පරිපූර්ණ වූ ‘රයිගම’ එදවස අංග සම්පූර්ණ නගරයක් විය.
එහෙත් අද වන විට ඒ පැරණි නගරය අභාවයට ගොසිනි. කෙසේ හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන ඔබට ගැළණිගම පිවිසුමෙන් මඳක් ‘හිස පොවා’ බැලිය හැකි නම් තවමත් ශේෂ වී ඇති එම අතීත ශ්‍රී විභූතියේ නෂ්ඨාවශේෂ ඔබේ දෙනෙත් හමුවේ මැවී පෙනෙනු ඇත.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
-Lakbima-



ඔබටත් ෆ්‍රෙෂර්ද? කියවලාම බලන්න
ගැහැනු පිරිමි අතර රුධිර පීඩනය
තරුණ ගැහැනු අයගේ රුධිර පීඩනය තරුණ පිරිමි අයගේ රුධිර පීඩනයට වඩා මදක් අඩුයි. නමුත් මැදිවයසේදී මේ තත්ත්වය වෙනස් වෙයි. වැඩිහිටි ගැහැනු අයගේ රුධිර පීඩන අගයන් වැඩිහිටි පිරිමි අයගේ රුධිර පීඩන අගයන්ට වඩා මදක් වැඩිවෙයි. මෙයට හේතුව වයස්ගතවීමේදී ගැහැනු අය මුහුණදෙන ආර්ථවහරණය තත්ත්වයේදී ඇතිවන හෝමෝන වෙනස්වීමයි. ඒ වගේම ජානමය පසුබිම අනුවත් රුධිර පීඩන අගයන් වෙනස් වේ. සමහර අයගේ ළඟම ඥාතීන් අධි රුධිර පීඩනයෙන් පෙළෙන විට ඔහුට හෝ ඇයට ද අධි රුධිර පීඩනය වැළඳීමේ සම්භාවිතාව වැඩියි. ඒ වගේම රට රටවල විවිධ ජන කොටස් අතර ඔවුන්ගේ ජානමය පසුබිම අනුව රුධිර පීඩන අගයන් වෙනස් වෙයි. උදාහරණයකට අමරිකා එක්සත් ජනපදයේ කළු ජාතිකයන්ගේ රුධිර පීඩන අගයන් සුදු ජාතිකයන්ට සාපේක්ෂව වැඩියි.
අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා කියන්නේ කොහොමද?
සාමාන්‍ය රුධිර පීඩන අගයන් වනුයේ 120/80mmHg. මෙහි 120 යනු හදවත හැකිලෙන විට ඇතිවන ආකුංචන රුධිර පීඩනයයි. 80mmHg යනු හදවත ඉහිල්වන විට ඇතිවන විස්ථාර රුධිර පීඩන අගයයි. නමුත් වැඩිහිටියෙකුගේ රුධිර පීඩනය 140/90mmHg දක්වා වැඩිවෙන්න පුළුවන්. නමුත් ඊට වඩා රුධිර පීඩනය වැඩිවෙනවා නම් ඔහු හෝ ඇය අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා කියල කියන්න පුළුවන්. නමුත් එම තීරණයට එළඹීමට පෙර වෛද්‍යවරුන් අවස්ථා කීපයකදීම රුධිර පීඩන දත්තයන් නිරීක්ෂණය කරනවා. මොකද සමහර අයට වෛද්‍යවරයකු දැක්කහම වුණත් රුධිර පීඩන අගයන් වැඩිවෙනවානේ.
අධි රුධිර පීඩනය ඇතිවීමට හේතු මොනවාද?
ජානමය සාධක නිසා අධි රුධිර පීඩනය ඉහළ යයි.
අධික තරබාරැකම නිසා අධි රුධිර පීඩනය වගේම වෙනත් රෝග රැසකටද අත වනනවා. තරබාරැ අයගේ රුධිරය මේද කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම නිසා ඒවා රුධිරනාල අභ්‍යන්තරයේ තැන්පත් වී කුහරය කුඩාවෙන නිසා රුධිර පීඩනය වැඩිවෙනවා. ඒ වගේම රැධිරයේ මේද කොටස් වැඩි නිසා රුධිරයේ ඝනත්වය වැඩි වෙනවා. එවිටද රුධිර පීඩනය වැඩිවෙනවා. ඊට අමතරව තරබාරු අයගේ දේහ ප්‍රමාණය වැඩි නිසා හදවතට වැඩි වැඩ කොටසක් කරන්න වෙනවා රුධිරය පොම්ප කරන්න. එතකොටත් රුධිර පීඩනය වැඩිවෙනවා.
අධික මත්පැන් ගන්නා අයගේ අධි රුධිර පීඩනය දැකිය හැකියි. නමුත් මත්පැන් ගැනීම අඩුකළ විට රුධිර පීඩන අගයන්ද ක්‍රමයෙන් අඩුවෙනවා.
අධික ලුණු පරිභෝජනයද අධි රුධිර පීඩනයට හේතුවිය හැකියි. මේ ගැන විවිධ මතභේද වාද විවාද පවතිනවා. නමුත් රුධිර ප්ලාස්මාවේ ලුණු අධිකව පවතින විට ඒවා රඳවා ගැනීමට වැඩි ජල ප්‍රමාණයක්ද තබාගත යුතු නිසා තරල ප්‍රමාණය වැඩි වී රුධිර පීඩන අගය වැඩිවීමට හේතුවෙනවා.
මානසික ආතතිය ඇතිවන විට රුධිර පීඩනය වැඩිවෙනවා. ඉස්සරවෙලා විස්තර කළ විදිහට ආතතිය ඇතිවිට ඇඩ්‍රිනලින්, කෝටිසෝල් වැනි ආතති හෝමෝන වැඩිවෙලා හෘද සංකෝචන වේගයත් වැඩිවෙනවා. ඒ වගේම ධමනි සංකෝචනය වෙනවා. මේ නිසා රුධිර පීඩන අගයන් වැඩිවෙනවා.
දුම්පානය නිසාද අධි රුධිර පීඩනය ඇතිවෙනවා. දුම්කොළවල ඇති නිකටින් උත්තේජකයක් වන බැවින් හෘද සංකෝචන වේගයද වැඩි කරනවා. ඒ නිසා දුම්පානයෙන් වෙන්වීම ඉතා ප්‍රයෝජනවත්.
අධිවෘක්ක ග්‍රන්ථිවල ඇතිවන අර්බුද, ඉදිමුම් නිසාද අධි රුධිර පීඩනය ඇතිවෙනවා. මේ තත්ත්වයේදී ඇඩ්‍රිනලින් හෝමෝනය වැඩියෙන් ස්‍රාවය වෙනවා.
වකුගඩුවල රෝගාබාධ නිසාද අධි රුධිර පීඩනය ඇතිවෙනවා.
අධි රුධිර පීඩනය වැළඳුණු විට ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙම රෝගය ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගන්න එකත් එකසේ වැදගත් වෙනවා. අධික තරබාරුව පාලනය කිරීම, අධික මේද කොලෙස්ටරෝල් අඩංගු ආහාර සීමා කිරීම, මත්පැන් හැකිතාක් දුරට සීමා කිරීම හෝ නතර කිරීම, දුම්පානයෙන් සම්පූර්ණයෙන්ම මිදීම, අධික ලුණු සහිත ආහාර සීමා කිරීම, අධික සීනි ආහාර සීමා කිරීම (දියවැඩියාව හා අධි රැධිර පීඩනය අතර සම්බන්ධයක් ඇති නිසා) වගේම කායික ව්‍යායාමවල නිතර නිතර යෙදීමත් මානසික සැහැල්ලුභාවය නිරතුරුවම දිවියේ පවත්වා ගැනීමත් හරිම වැදගත්.
දේශය පුවත් පතෙනි

වෙඩිසිංහගේ අවාසනාවන්ත මරණය; පසු කියවීමක්
චාමර ලක්ෂාන් කුමාර
උපුටා ගැනීම : සිළුමිණ

මියයන විට 47 හැවිරිදි වියේ පසුවූ ආනන්දගේ හොඳම දක්ෂතා දැකගත හැකි වූයේ වසර දහයකට දොළහකට ඉහත දී වුවද මේ අවාසනාවන්ත සිදුවීම වන තෙක්ම ඔහුට ක්‍රීඩාලෝලී පර්ෂදයන් වෙතින් හිමිව තිබූ ප්‍රතිචාර නම් ඉහළම මට්ටමේ විය. සුපැහැදිලිවම ඔහු හොඳ “එන්ටර්ටේනර්” කෙනෙක් විය.
සුපිරි ධාවක ආනන්ද වෙඩිසිංහගේ හදිසි අභාවය මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්‍රය හා සම්බන්ධ අඳුරු පැතිකඩ ගණනාවක් පිළිබඳ ප්‍රසිද්ධ සංවාදයක් රට තුළ නිර්මාණය කිරීමට සමත්ව තිබේ. ශේන් ගුණවර්ධනගෙන් පසු ශ්‍රී ලංකාවේ “මෝටර් ක්‍රෝස් රජා” බවට පත් වූ ආනන්ද ක්‍රීඩා ක්ෂේත්‍රයේ අතිදක්ෂ මෙන්ම ජනප්‍රිය ධාවකයකු වීම තුළ ක්‍රීඩාලෝලීන් පමණක් නොව ධාවකයන්ද උනන්දුවෙන් යුතුව ඒ සඳහා සම්බන්ධ වන බවක් පෙනෙන්නට ඇත. ඇතිව තිබෙන මෙම සංවාදය ක්‍රීඩාවේ හෙට දවස පිළිබඳ කල්පනා කිරීමේදී පොදුවේ ගත් විට යහපත්ය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. එහෙත් වඩාත් වැදගත් වනුයේ එය, හැඟීම්වලට අඩු තැනක් බුද්ධියට වැඩි තැනක් දී සිදු කිරීමය. සැබැවින්ම මේ සංවාදය යහපත් දිශාවකට යොමු කරෙගත හැක්කේ එවැනි පසුබිමක් තුළ පමණි. මෙහිදී වඩාත් පරිස්සම් විය යුත්තේ බොර දියෙහි මාළු බාන්නන්ගෙනි.

ආනන්දගේ මරණය මිනීමැරුමක් බව පැවැසීමට උත්සාහ කරන කණ්ඩායම අයත් වනුයේ, ඉහත කී බොර දියේ මාළු බාන කොට්ඨාසයටය. විවිධ අපැහැදිලි මන්ද චලන ඡායාරූප ඉදිරිපත් කරමින්, අනතුරට පෙර සුරාජ්, ආනන්දට පා පහරක් එල්ල කළ බව කියමින් මෙය හිතාමතා සැලසුම් සහගතව සිදුකළ කුමන්ත්‍රණයක් බව කියමින් සයිබර් අවකාශයේ සැරිසරන්නන් ගෙනා මතයට තටු ලැබුණේ ඕපාදූප වෙබ් අඩවි (Gossip Sites) කිසිදු අධ්‍යයනයකින් තොරව වගවිභාගයකින් තොරව ඒවා ඔහේ පළ කිරීම තුළය. ඉහත කී වර්ගයේ වෙබ් අඩවි අවම සදාචාර ප්‍රමිතින් පිළිබඳ දක්වනුයේ අඩු සැලකිල්ලකි. සදාචාරය හෝ ඉන් වන හානිය අගතිය පිළිබඳ සැලකිලිමත් වීම වෙනුවට ඔවුන් බොහෝ විට උත්සාහ කරනුයේ ඉල්ලුමට අනුව සැපයුම සිදු කිරීමට පමණි. ගංවතුර මධ්‍යයේ වුවද ආනන්දගේ මරණය සම්බන්ධයෙන් වූ පුවත්වලට අන්තර්ජාලය තුළ තිබුණේ ඉහළ ඉල්ලුමකි. ඒ මූලිකවම ආනන්ද ක්‍රීඩාලෝලීන්ගේ ඉහළ ආකර්ෂණයක් තිබු ධාවකයකු වීම නිසාය. මියයන විට 47 හැවිරිදි වියේ පසුවූ ආනන්දගේ හොඳම දක්ෂතා දැකගත හැකි වූයේ වසර දහයකට දොළහකට ඉහත දී වුවද මේ අවාසනාවන්ත සිදුවීම වන තෙක්ම ඔහුට ක්‍රීඩාලෝලී පර්ෂදයන් වෙතින් හිමිව තිබූ ප්‍රතිචාර නම් ඉහළම මට්ටමේ විය. සුපැහැදිලිවම ඔහු හොඳ “එන්ටර්ටේනර්” කෙනෙක් විය. ආනන්දම හැම විට කියූ පරිද්දෙන් ඔහු රේස් පැද්දේ නරඹන්නන් පිනවීම වෙනුවෙනි. ගුවනේදී ඔහුගේ පිම්ම දිගු මෙන්ම හැඩකාර ද විය. සුපර් මෝටාර්ඩ් ධාවන තරගවලට පිවිසුණු පසු ඍජු සරල රේඛිය මංතීරුවේදී ඔහුගේ වේගය අසමසම විය. වංගු ගැනුමේදී පවා තාක්ෂණය අතින් සෙසු ධාවකයන්ට වඩා ඔහු ගව් ගණනක් ඉදිරියෙන් පසු විය. ධාවකයකු ලෙස ඔහු බාහිර පෙනුම කෙරෙහි ද හොඳින් සැලකිලිමත් විය. ඔහුගේ යතුරුපැදිය අලංකාරත්වයෙන් පිරුණු, ක්‍රීඩාලෝලීන්ගේ නෙතට රසඳුනක් වූ අතර ධාවනයේදී ආනන්ද අඳින පලඳින ආකාරය ද ඊට අපූර්වත්වයක් එක් කළේය. මේ නිසාම රටකජු කමින්, අන්නාසි කෑල්ලක රස බලමින් තරග නරඹන ප්‍රේක්ෂකයන් අතර මෙන්ම ඉහළ සමාජ තීරු නියෝජනය කරන්නන් අතර ද ආනන්ද වෙඩිසිංහ අතිශය ජනප්‍රිය චරිතයක් විය. මේ ජනප්‍රියත්වය තුළ මෙය අනතුරක් නොව මිනීමැරුමක් යැයි කියු ඕපාදූපවලට තටු ලැබෙන්නට විය. ආනන්දගේ මරණය සිදු වූයේ අනතුරකින් යැයි පැවැ‍සීමෙන් ලැබෙන දේට වඩා වැඩි යමක් එය මිනීමැරුමකින් සිදු වූයේ යැයි කීම තුළ අනිවාර්යයෙන්ම හිමි වෙයි. හත් දවසෙහි බණට පසු වෙනත් ප්‍රවෘත්තියකට මාරු වීමට වඩා වැඩි කාලයක් එවිට අල්ලා ගෙන සිටිය හැකිය. කුණු රසයට, ඇති එම නොනිමි මිනිස් ආශාව තුළ වගකීම් විරහිත ඇතැම් මාධ්‍ය කැත නැතුව මේ සිදුවීම සම්බන්ධව භාවිත කළ බව හොඳහැටි පෙනෙන්නට තිබිණි.
අනතුරු යනු මෝටර් රථ හෝ යතුරුපැදි ධාවන තරගවලදී කිසිසේත්ම ආගන්තුක වූවක් නොවේ. ත්‍රාසය භීතිය වේගය පෙරදැරිව පැවැත්වෙන ඒවාහිදී අනතුරකට ඇති ඉඩ අවසන් වනුයේ තරගය නිම වූ පසුය. මේ නිසාම සියලු ධාවකයන් තරගවලට පැමිණෙනුයේ අවදානම් සහගත ධාවනයන්හි නිරත නොවන බවට එකඟ වෙමිනි. එහෙත් යකඩ ගොඩක් සමඟ පොර බදිද්දී මිනිස් පාලනයෙන් තොරව අනතුරු සිදුවීමට ඇති ඉඩ බහුලය.
අන්තර්ජාතික මට්ටමේදී මෝටර් රථ හා යතුරුපැදි තරගවල මෙබඳු බරපතළ අනතුරු සිදුවීම සාමාන්‍ය කරුණක් වුවත් ශ්‍රී ලංකාව තුළ ඒ මාදිලියේ මාරාන්තික අනතුරු පිළිබඳව අපට අසන්නට ලැබෙනුයේ අඩු වශයෙනි.
පන්නලදී මෙන්ම කටුකුරුන්ද ධාවන පථයේදීත් අනතුරු නිසා ධාවකයන් මියගිය බවට කථා ඇතිමුත් මෝටර් රථ ධාවන තරගයක් අතරතුර ධාවකයකුගේ මරණය පිළිබඳ මෙරට ක්‍රීඩාලෝලීන්ගේ මතකය තුළ ඇති ආසන්නතම අත්දැකීම 2008 වසරේ නුවරඑළිය මාර්ග ධාවන තරගය අතරතුරදී සිදු වූ ඩිල්ෂාන් බණ්ඩාරනායකගේ අභාවයයි. “මිනි කාර්” තරග ඉසව්වට සහභාගි වූ ඩිල්ෂාන්ගේ රථය නානුඔය මංසන්ධියේ ඇති වට රවුමේදී සහෝදර තරගකරුවකු වූ අජිත් හේමචන්ද්‍රගේ රථය අබිබවා යෑමට උත්සාහ කළ අවස්ථාවේදී එම අවාසනාවන්ත අනතුර සිදු වූ අතර, තරගය ආරම්භ කර ඒ වන විට ගතව තිබුණේ මිනිත්තු හතරක් පමණි.
අනතුර සිදුවද්දී එම ධාවකයන් දෙදෙනා අතර උණුසුම් තරගයක් පැවැති අතර ඒ වන විට පැයට කිලෝමීටර් 150ක වේගයෙන් ඔවුන් ධාවනයේ නිරත වී තිබිණි. අනතුරින් දිල්ෂාන්ට ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර, අජිත්ගේ මෝටර් රථය ගසක වැදුණු අතර ඉන් පිටතට විසි වීම තුළ වාසනාවකට මෙන් තම ජිවිතය බේරා ගැනීමේ හැකියාව ඔහුට හිමි විණි.

මුහුදු මට්ටමේ සිට අඩි 6129 (මීටර් 1868) ක ඉහළ භූමියක පැවැත්වෙන නුවරඑළියේ මාර්ග ධාවන තරගාවලිය අග්නිදිග ආසියාවේ මේ මට්ටමේ ඉපැරැණිතම තරගාවලිය ලෙස සැලැකෙයි. අවුරුදුවලින් පැවැසුවහොත් මෙම තරගාවලිය තවත් වසර දෙකකදී තම සත්වන දශකය සම්පූර්ණ කරනු ලබයි. මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග සම්බන්ධයෙන් කලාපයේ සෙසු බොහෝ රටවලට වඩා සාරවත් ඉතිහාසයක් ඇතත්, ශ්‍රී ලංකාව මෝටර් රථ තරග පැවැත්වීම සඳහා අවශ්‍ය ධාවන පථ ඌනතාවෙන් බලවත් ලෙස පීඩා විඳී. වැඩි කථා අවශ්‍ය නැත. පන්නල හැරුණු විට ධාවනයට සුදුසු මට්ටමේ ඇති එකදු හුදෙකලා කෘත්‍රිම ධාවන පථයක් මේ රටේ නැත. සීගිරියේ හා කටුකුරුන්දේ ද කෘත්‍රිම ධාවන පථ මත මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරග පවත්වන මුත් ඒ පැවැත්වෙනුයේ ඒවාහි වෙනත් කටයුතුද සිදු කරන අතරතුරය.
තරගාවලිය හඳුන්වන ආකාරයටම, නුවරඑළිය මාර්ග ධාවන තරගය පැවැත්වෙනුයේ රථ වාහන ගමන් කරන මාර්ගයකය. පාලම්, බෝක්කු, විදුලි පහන් කණු, දුරකතන කණු, වටරවුම් සහිත එය කිසිදු ලෙසකින් ධාවන පථයක් සේ සැලකිය නොහැකිය. කොතරම් අවදානම් සහගත මාර්ගයකද මේ තරගාවලිය පැවැත්වෙන්නේ යන්න තේරුම් ගැනීමට එයම ප්‍රමාණවත්ය. වසන්ත සැණකෙළියට සමගාමීව පැවැත්වෙන නුවරඑළිය මාර්ග ධාවන තරගාවලියට සම්බන්ධ වන ධාවකයන් මේ අවදානම නොදන්නවා නොවේ.
වසර ගණනක අත්දැකීම් සහිත ධාවකයකුට එය අමුතුවෙන් විස්තර කර දිය යුතු නැත. එහෙත් ඒ අවදානම දැන දැනම ඔවුහු මෙම තරගාවලිය මඟ නොහරිති. මූලිකවම ඒ මේ තරගාවලියට ඇති ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය නිසාය. වසන්ත සැණකෙළියේ අවසානය සටහන් කරමින් බොහෝ විට අප්‍රේල් තුන්වන හෝ හතර වන සතියේ පැවැත්වෙන මෙම තරගාවලිය නැරැඹීමට ක්‍රීඩාලෝලීහු එක් වනුයේ දහස් ගණනනි. මෙම තරගාවලිය නැරැඹීමෙන් අනතුරුව යළි කොළඹ බලා පැමිණීමට අවුරුදු නිවාඩුව ගතකිරීමට “පුංචි එංගලන්තයට” යන බොහෝ දෙනෙක් පුරුදුව සිටිති.
නුවරඑළියේ මාර්ග ධාවන ඉතිහාසය තුළ සිදුව ඇති බරපතළ ගණයේ අනතුරු එකින් එක විස්තර කළහොත් මෙම සටහන අනවශ්‍ය ලෙස දීර්ඝ වීම නොවැළැක්විය හැක්කකි. රුවන් පීරිස්, අනුක් හයිද්‍රාමනි වැනි ධාවකයන් බරපතළ ලෙස නුවරඑළියේ දී එසේ අනතුරුවලට භාජනය වූ ප්‍රකට ධාවකයන් දෙපොළකි. මේ අතර නුවරඑළියේදී වූ අනතුරක් හේතුවෙන් ශ්‍රීමාල් වන්නිආරච්චි අංශභාග තත්ත්වයට පත් වූ බව මේ ලියුම්කරු අසා ඇත. එබඳු සිදුවීම් කෙටියෙන් කියතොත් නුවරඑළියේදී තරග කර සුළු හෝ ආබාධයකට මුහුණ නොදුන් ධාවකයකු සොයා ගැනුම අතිශයින්ම අපහසු කාර්යයකි. ඇති මෙම අවදානම නිසාම මෑත කාලයේදී නුවරඑළිය තරගාවලිය මඟහැරීමට ප්‍රකට ධාවකයන් ගණනාවක් කටයුතු කරන ලදී. ගයාන් සඳරුවන් වැනි නාමධාරි යතුරුපැදි ධාවකයන් මෙන්ම මේ මොහොතේ රටේ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගවලදී පෙරමුණේම කියැවෙන “හෙලිබීස්” කණ්ඩායමද තම ධාවකයන්ව මෙම තරගාවලියට සම්බන්ධ කරන්නේ නැත.
ධාවන පථයේ ඇති අනාරක්ෂිත භාවය පිළිබඳව පමණක් නොව සංවිධානය කිරීමේදී ඇති දුර්වලතා පිළිබදව ද නුවරඑළිය මාර්ග ධාවන තරගය චිරප්‍රසිද්ධය. අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභයක් උපයා ගැනීමේ ලාභ සන්තානය හැර අන් යමක් මෙහි සංවිධායකවරුන්ට නොමැති බවට ප්‍රබල චෝදනාවක් සමාජගතව පවතී. ආනන්ද වෙඩිසිංහ අනතුරට පත්වූ පසු සිදුවූ දෑ ඊට සාක්ෂි සපයයි. ආනන්ද හා සුරාජ් එකිනෙක ගැටී මාරක අනතුරක් සිදුවීමෙන් පසුව පවා තරගය නතර කිරීමට සංවිධායකවරුන් කටයුතු නොකළ අතර. බිමට ඇදවැටුණු වෙඩිසිංහව එම ස්ථානයෙන් පිටතට රැගෙන යාමට විනාඩි විසිඅටක් පමණ ගත කිරීම අදහාගත නොහැකි තත්ත්වයකි. තරගයේ පෙරමුණේ සිටි ධාවකයන් දෙදෙනා මාරක අනතුරකට පත්ව සිටි මොහොතේ “රතු කොඩි” වනමින් තරගය අවසන් කරලීමට තරග සංවිධායකයන් වහා කටයුතු කළ යුතුව තිබූ මුත් තරගය දිගටම පවත්වාගෙන යෑමට ඔවුහු කටයුතු කළහ. මෙම අවාසනාවන්ත අනතුර සිදුවූ තරගය වෙනුවෙන් ආනන්ද සම්පත් අවසාන ජයග්‍රාහකයා ලෙස නම් කිරීමෙන් පෙනී යනුයේ ඔවුන් මෙම තරගය අත්හැර නොදැමු බවය. තරගය අවසන් වූ පසු ද වෙඩිසිංහව රෝහලට රැගෙන යෑමට ගිලන් රථයක් නොතිබූ අතර, අවසානයේදී ඔහුව රෝහලට රැගෙන ගොස් තිබුණේ ගිනි නිවන හමුදාවට අයත් ඔක්සිජන හෝ නොමැති ගිලන් රියකිනි. අනතුර සිදුවූ පසු කකුල කකුල කියමින් වෙඩිසිංහ කෑගසු බව ඇතැමුන් කියා තිබු මුත් ඔහු රෝහල්ගත කළ පසු නම් අවම තරමින් ඇහැක් හෝ ඇර බැලුවේ නැත. රෝහල්ගතව සිටි සති පහකට වැඩි කාලය තුළම ඔහු සිටියේ ජිවිතාධාර යන්ත්‍රයක ආධාරයෙනි. ඉක්මනින් කල්වේලා ඇතිව අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර සිදු විණි නම් ආනන්දගේ දිවි ගලවා ගැනීමට යම් තරමක හැකියාවක් තිබූ බව ඉන් පෙනී යයි. පුදුමයකට මෙන් මෙම අවාසනාවන්ත අනතුරෙන් පසු ආනන්ද වෙඩිසිංහ පසු වූ තත්ත්වය ඩිල්ෂාන් බණ්ඩාරනායක මුහුණ දුන් අනතුර මෙන් ම විය. එවරත් ආනන්දගේ මෙන් ඩිල්ෂාන්ගේ සිරුරේ රුධිරය වහනය වීම් දැකගත නොහැකි වූ අතර, හුස්ම ගත් මුත් ඔහු ඇස් ඇරියේ නැත. ඩිල්ෂාන් මියගියේ ද අභ්‍යන්තර තුවාල නිසාවෙනි. නුවරඑළිය මාර්ග ධාවන තරගයේ තරග සංවිධායකයන් කොතරම් අක්‍රමවත් ලෙස එය පැවැත්වූවාද කියතොත් තරග අධීක්ෂණ නිලධාරීන් ලෙස ඊට සම්බන්ධ කරගෙන තිබුණේ ඒ පිළිබඳ කිසිදු පළපුරුද්දක් සහිත නිලධාරීන් නොවේ. අවශ්‍ය සන්නිවේදන යන්ත්‍ර තියා අනතුරක් සිදුවූ විට වැනීමට රතු කොඩි හෝ ඔවුනට ලබා දී නොතිබිණි. මේ අතර ආනන්ද වෙඩිසිංහ අනතුරට පත්වූ ස්ථානයේ ආරක්ෂිත වැලි කොට්ට තබා තිබූ ආකාරයම මෙය කෙතරම් අනාරක්ෂිත ලෙස පැවැත්වූ තරගාවලියක් ද යන්න පෙන්වයි. එහි වැලි කොට්ට තබා තිබුණේ “කොම්පිට්ටු” සෙල්ලමට ගැළපෙන ආකාරයෙන් මිසක අධිවේගයක් සහිත මාර්ග ධාවන තරගයකට ගැළපෙන ආකාරයට නොවේ. තරගයක් සඳහා පැවැතිය යුතු මූලික අවශ්‍යතා නොමැතිව, විධිමත් රක්ෂණ ආවරණයක් නොමැතිව, වේග සීමා නොමැතිව මහාමාර්ගයක මෙවැනි ධාවන තරගයක් පැවැත්වීමට අවසරය ලබාදීම සම්බන්ධයෙන් ඊට දායක වූ කිසිදු බලධාරියකුට මෙහිදී අත පිහිදාගත නොහැකිය. ඒ සියලු දෙනාම අඩුවැඩි වශයෙන් මේ පිළිබඳ වගකීම අනිවාර්යයෙන්ම භාරගත යුතුය.
ආනන්දගේ මරණය සම්බන්ධයෙන් සුරාජ් පෙරේරාට ඇඟිල්ල දිගු කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය මේ ක්‍රීඩාව පිළිබඳ හොඳින් දන්නා වෙඩිසිංහ පවුලේ අය හෝ පිළිගනු ඇතැයි මම නොසිතමි. මැදිහත් සිතින් හැඟීම්බර නොවී, මේ දෙස බැලුවහොත් පෙනී යනුයේ සංවිධානාත්මකව සිදුවූ දෙයකට වඩා මෙය හදිසි අනතුරක් නිසා සිදු වූවක් බවය. අපැහැදිලි මන්ද චලන රූප කිහිපයක් ඉදිරිපත් කරමින් ඇතැමුන් පවසන්නේ අනතුරට පෙර සුරාජ්, ආනන්දට පා පහරක් එල්ල කළ බවය. පහර දීමක් කෙසේ වෙතත් අපට වැටහෙන අන්දමට නම් එහිදී සිදු වනුයේ සුරාජ්ගේ යතුරුපැදියේ වේගය වැඩිවී, කෙළින් වී වෙඩිසිංහ දෙසට යද්දී ශරීරයෙහි ඇතිවන ස්වාභාවික ක්‍රියාවලිය තුළ සුරාජ් තම පාදය ඔසවන බවය. එය තේරුම් ගැනුමට යතුරුපැදි ක්‍රීඩාව පිළිබඳ විශාරද දැනුමක් අවශ්‍ය නොවේ. ඔබ යතුරුපැදියක ගමන් කරන විට සුනඛයකු පැන්නොතින් සිදුවන තත්ත්වය පිළිබඳව සිතන්න. එවිට පා ඉහළට එසවන්නේ ස්වභාවයෙනි. අප සිතන අන්දමටනම් මෙහිදීත් සිදු වනුයේ එවැන්නකට වඩා වැඩි දෙයක් නොවේ.
මෝටර් රථ හෝ යතුරුපැදි වේවා මේ ඕනෑම තරගයකදී ප්‍රතිවාදියා අබිබවා යන සම්මත ක්‍රමයක් පවතී. අනතුරුදායක අන්දමින් ප්‍රතිවාදියා අබිබවා යෑම නොකළ යුතු බවට ඇති සම්මතය නම් අනතුර සිදුවන අවස්ථාවේ සුරාජ් නොතකන බවක් පෙනෙන්නට ඇත. ඔහු, පෙරමුණේ තරග වදින ආනන්ද වෙඩිසිංහව අබිබවා යෑමට ඇතුළතින් පැමිණ උත්සාහ කරනුයේ, අවදානම් සහගත කලාපයකදීය. සුපැහැදිලිවම එය විනය පිළිබඳ ප්‍රශ්නයකි. ඒ ගැන තර්කයක් නොමැත. සුරාජ්ට මේ මොහොතේ ඇතැමුන් එල්ල කරන ආකාරයටම චෝදනාවක් 2011 වසරේදී වැලන්ටිනෝ රෝසීට හා කොලින් එඩ්වර්ඩ්ස්ට එල්ල විණි. මැලේසියාවේ සෙපැන්ග් ධාවන පථයේ පැවැති ලෝක ශූරතා යතුරුපැදි තරගාවලියේ තරගයකදී සිදුවූ අනතුරක් නිසා පෙරමුණෙහි පසු වූ මාර්කෝ සිමොන්සීලී ඇදවැටුණු පසු වේගය පාලනය කරගත නොහැකිව පසුපසින් ආ රොසී හා එඩ්වර්ඩ් ඉතාලි ජාතික ධාවකයාගේ සිරුර මතින් ධාවනයේ නිරත විණි. කිසිසේත්ම එය තරගය ඒ මොහොතේ පැවැති තත්ත්වය තුළ අවාසනාවන්ත ලෙස සිදුවූ දෙයක් මිස, සැලසුම් සහගතව සිදුවූ දෙයක් නොවේ. එබඳු තත්ත්වයකදීත් ඇතැමුන් එඩ්වර්ඩ්ස්ට හා රොසීට “මිනීමරු” ලේබලය ඇලවීමට ඉක්මන් වූ මුත්, සැබෑ සත්‍යය කුමක්දැයි ලෝකය දැන සිටියේය. එම අනතුර සිදුවූ පසු රොසී, සිමොන්සීලිගේ පවුලේ සාමාජිකයන් හා එක්ව තම මිතුරා අහිමි වීමේ දුක බෙදාගත්මුත් මේ අවස්ථාවේදී සුරාජ්ට එසේ කිරීමට ධෛර්යයක් නොතිබිණි. ඇතැම් විට එය අපට මතුපිටින් නොපෙනෙන සංස්කෘතික ප්‍රශ්නයක් විය හැකිය. අනතුරෙන් අනතුරුව ඒ ගැන සුරාජ් ප්‍රසිද්ධියේ තම මතය ඉදිරිපත් කරලීමට කටයුතු කළේ නම් මෙවැනි අභූත චෝදනා එල්ල නොවීමට ඉඩ තිබිණි. ඔහුගේ එම ප්‍රමාදය කෙන්ද කන්ද කිරීමට බලා සිටින්නන් ප්‍රයෝජනයට ගත්තේය.
දැන්, ආනන්ද වෙඩිසිංහ අප අතරින් නික්ම ගොස් තිබේ. ඔහුගේ වියෝව සමඟ බිරියට ආදරණීය සැමියෙක්, දරුවන්ට හොඳ පියෙක්, ඥාති හිතමිත්‍රාදීන්ට හොඳ හිත මිතුරෙක්, රටට දක්ෂ ක්‍රීඩකයෙක් අහිමි විණි. බොහෝ දෙනකු නොදන්නවා වූවාට ඔහු හොඳ දානපතියෙක් විය. තම අසීරුවෙන් උපයා ගත් දෙයින් කොටසක් තම සම්බන්ධතා ඔස්සේ ලබාගත් බොහෝ දෑ ඔහු නිර්ලෝභීව ජනතාව වෙත බෙදා දුන්නේය. අනතුර සිදුවූ පසු ඔහුව රෝහලට රැගෙන යාමට ගිලන් රියක් නොමැති වුවද, ඔහු තම සම්බන්ධතා හරහා ගිලන් රථ, අධිවේගී බෝට්ටු, කිහිලිකරු, පාපැදි, යතුරුපැදි මෙරට ආරක්ෂක අංශ වෙත නිතර පරිත්‍යාග කළේය. ශූර ධාවකයකුට එහා ගිය මනුෂ්‍යයෙක් ඔහු තුළ ජිවත් විය. ගුරු මුෂ්ටිය නොතැකු ඔහු තමන් දන්නා “ශිල්ප” ආධුනික ක්‍රීඩකයන් සමඟ බෙදා ගත්තේය. ඔහුගෙන් ගුරුහරුකම් ලැබු බොහෝ දෙනකු මේ වන විට යතුරුපැදි ධාවන ක්ෂේත්‍රය තුළ තම ලකුණ තබා තිබේ.

ආනන්දගේ කුරිරු මරණය මීට වඩා වැඩි මැදිහත් වීමක් යතුරුපැදි ක්‍රීඩාව වෙනුවෙන් සිදු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට බල කරනු ලබයි. බලවත් ජීවිත අවදානමක් යටතේ තරග කර ජයග්‍රහණය කළ පසු යකඩ තහඩුවකට වඩා වැඩි දෙයක් යතුරුපැදි හා මෝටර් රථ ධාවන තරගවලදී නොලැබෙයි. ඒ නිසාම එක් අතකින් මෙය තවමත් ප්‍රජාතාන්ත්‍රිය නොවූ ක්‍රීඩාවකි. තවමත් මේ තරග සීමා වී ඇත්තේ එක්තරා පන්තියක් වටාය. යුද හමුදාව, හා නාවික හමුදාවේ මැදිහත් වීම තුළ එහි සුළු වෙනසක් මේ වන විට ඇතිව ඇතිමුත් ඉහත කී තත්ත්වය මුළුමනින්ම වෙනස් වී නැත.
එක්තරා පන්තියක් වටා ගොනු වී ඇති මේ ක්‍රීඩාවේ පන්ති පදනම් දෙදරවමින් එය ජනතාව වෙතට රැගෙන යමින් මේ ක්‍රීඩාවට සම්බන්ධ ධාවකයන්ගේ ආරක්ෂාව සහතික කරලීමට අවශ්‍ය පියවර ගනිමින් එය මීටත් වඩා වෘත්තිය මට්ටමට රැගෙන යමින් අන්තර්ජාතික මට්ටම කරා රැගෙන යෑමේ අභියෝගය කුරුණෑගලින් පැමිණි ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට අප අමුතුවෙන් විස්තර කර දිය යුතු නැත.

ඉන්දියාව සමග ඊයේ පැවති එක්දින තරගය අතරතුරදී ආබාධයට  ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වෙනුවට තරගාවලියේ ඉතිරි තරග සදහා එක් වීමට ධනංජයද සිල්වා එංගලන්තය බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය  කරයි. 
එමෙන්ම අතිරේක ක්‍රීඩකයෙකු ලෙස දිල්රුවන් පෙරේරාද දැනටමත් එංගලන්තයේ රැඳී සිටියි.  කුසල් ජනිත් ඊයේ (08) පැවති තරගය අතරතුරදී කළවයේ ආබාධයකට ලක් විමෙන් පිටියෙන්  ඉවත් වූ අතර ඒ පිළිබද ඔහුව අද (09) දිනයේදී පරීක්ෂණයකට භාජනය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මේ වෙනකොට ආනන්ද වෙඩිසිංහ කියන්නේ කව්ද කියන එක හැමෝම දන්නවා. ඔහු දක්ෂ මෝටර් බයිසිකල් ධාවන තරඟකරුවෙක්.අනපේක්ෂිත මොහොතක ඔහුගේ ජීවිතය ක්‍රීඩාව වෙනුවෙන්ම පුජා කළා. ඒත් එක්කම ඔහුගේ පුත් කේන් වෙඩිසිංහ කරළියට පැමිණියා.මේ ඔහු සමග කළ කතාබහක්. ආනන්ද වෙඩිසිංහ ඔබේ පියා මෝටර් බයිසිකල් තරඟයකදී මියගිය එක ගැන ඔබ පමණක් නෙමෙයි මුළු රටම කම්පාවට පත් වුණා.

නමුත් ඔහුගේ සෙනෙහස ඔබට අහිමි වීම ගැන වෙන කාටත් වඩා දැනෙන්නේ ඔබටයි.එහෙම නේද..?

ඔව්. මගේ අම්මා ජපන් කාන්තාවක්. මම වගේම අම්මා බොහෝ කාලයක් ජිවත් වුණේ ජපානයේ. නමුත් තාත්තාගේ ආදරේ අපිට කවදාවත් මග හැරුනේ නැහැ. මොකද අපි සැරින් සැරේට ලංකාවට ආවා. තාත්තා වුණත් අපිව බලන්න නිතරම ආවා. ඒ නිසා මට කවදාවත් මගේ තාත්තාගේ අඩුවක් දැනුණේ නැහැ. එයා දැන් ජිවතුන් අතර නැහැ කියන එක මට තවම හිතා ගන්න බැහැ වගේම අඩුව තදින් දැනෙනවා.

ඔහු මිය ගියේ තරගයට අවශ්‍ය පසුබිම නැතිකම නිසා කියලා ඔබ කියනවා..?

මගේ තාත්තා වගේම මමත් ලංකාවේ විතරක් නෙමෙයි ජපානයේ පවා ක්‍රීඩා කළා. මම දන්නවා ඒ පසුබිම හොදට. මම තවම පොඩි වයසක ඉන්න කෙනෙක්.මගේ වයස අවුරුදු 24යි. මට වඩා ක්‍රීඩාවෙන් පරිණත අයනේ එතැන හිටියේ. ඒ අය හොදටම දන්නවා මගේ තාත්තා මැරුණේ කොහොමද කියලා. තාත්තා මැරෙන්න ඕන කෙනෙක් නෙමෙයි. ජිවත් වෙන්න ඕන කෙනෙක්. නමුත් තව කෙනෙක් නිසා මගේ තාත්තා මැරුණා. ඒකට වගකියන්න ඕන බොහෝ අය ඉන්නවා.

ඔබ කියන්නේ ඔබේ පියා එක්ක කරට කර තරග කරමින් හිටිය සුරාජ් පෙරේරාත් වග කිව යුත්තෙක් කියලද..?

අනිවාර්යෙන්ම ඔව්. ඒ තරගයේ වීඩියෝ එක බලන ඕනෑම කෙනෙක්ට තේරෙනවා ඒක සුරාජ් කළේ හිතාමතා කියලා. තාත්තාව මැරුවේ හිතාමතා නොවුණාට තාත්තාගේ බයික් එක වැද්දුවේ හිතලාමයි. මම කැමතියි සුරාජ්ගෙන් අහන්න එයාගේ හිත රිදුණේ නැද්ද මගේ තාත්තාට මෙහෙම කළාට කියලා. ඒ වගේම අපේ හිත් රිද්දලා මගේ තාත්තාව මගෙන් උදුරා ගත්තේ ඇයි කියලා.

සුරාජ් පෙරේරා ඔබේ පියාගේ දේහයට අවසන් ගෞරව නොදැක්වීම ගැන ඔබ කණගාටුවෙන්ද..?

මට කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ. මොකද මම තරහා ගත්තා කියලා මගේ තාත්තා මට ආයෙමත් ලැබෙන්නේ නැහැනේ. නමුත් මට දුකයි. මේ රටේ මිනිස්සු මගේ තාත්තාට කොච්චර ආදරෙයිද. ඒත් එයා එක්ක සෑහෙන කාලයක් තරග කළ සුරාජ් වරදක් වෙලත් අපේ තාත්තාගේ මරණයට ආවේ නැහැ කියන්නේ මනුස්සකමක්වත් සුරාජ් ළග නැහැ කියන එකයි.එයාට මනුස්සකම නැහැ. එයාගේ හිත දන්නවා මේ වුණේ වරදක් කියලා. ඒ නිසයි ආවේ නැත්තේ. මම මුල් දවසේ නම් එයා වැරදියි කියලා හිතුවේ නැහැ. නමුත් දැන් මට හිතෙනවා එයා තමයි මගේ තාත්තාව නැති වෙන්න හේතුව කියලා. අඩු තරමින් කතා කරලා දුක ප්‍රකාශ කළේවත් නැහැනේ. ඒකටද මනුස්සකම කියන්නේ.

ක්‍රීඩාවේදී ඔබේ මුල්ම ගුරුවරයා ඔබේ පියා.ඔබ ජපන් ජාතිකයෙක් වුණත් පියාගේ නම ඉදිරියට ගෙනියන්න ඔබට මේ රට තුළ බාධාවක් නෙමෙයි එහෙම නේද..?

මගේ තාත්තාට තියෙන ආදරේ මගේ ඇස් දෙකින් මම දැක්කා. මම ටික කාලයක් ලංකාවේ ඉගෙන ගත්තේ මහනුවර ගේට්වේ විද්‍යාලයෙන්. ජපානේ ගියේ හොදට රේස් පදින්න ඉගෙන ගන්නයි. මගේ තාත්තා තමයි මට කිව්වේ පුතේ ඔයත් රේස් පදින්න ඕන මම වගේම කියලා. මට මතකයි මම මුලින්ම බයික් එකකට නැග්ගේ මට වයස අවුරුදු 5ක් විතර තියෙද්දී. බයික් රේස් කියන්නේ ජිවිත අවධානම්. නමුත් තාත්තා රේස්


කරන විදිහ දැක්ක නිසයි ඒ ආසාව මටත් ආවේ.මම ලබන අප්‍රේල්වල තියෙන තරගයට සම්බන්ධ වෙන්න දැන් ඉදලම පුරුදු වෙන්න හිතාගෙන ඉන්නේ. තව ටික දවසකින් මමයි අම්මයි ජපානේ යනවා. නමුත් අපි දෙන්නා ඉඩහිටලා ඇවිත් යන්න එනවා. මම එනවා තරගවලට.

පියාගේ වියෝවෙන් පසුව ඔබ කරළියට එන්නේ..කොහොමද ඔබට ලැබෙන ප්‍රතිචාර..?

මට ගොඩක් සිංහල කතා කරන්න දන්නේ නැහැ. නමුත් මම ආසයි සිංහල වලට වගේම ලංකාවේ ජනතාවට. මොකද මේ රටේ මිනිස්සු ළග ගොඩක් ආදරේ තියෙනවා. මම පාරේ බැහැලා යද්දී දැන් හුගක් අය හිනා වෙනවා. කතා කරනවා. කේන් වෙඩිසිංහ නේද කියලා අහනවා. හොදයි සතුටුයි ඒ ගැන.
Powered by Blogger.